මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග විශ්‍රාම යන බවත්, ඉන් අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජාතික බදු සතියේ සමාරම්භක උත්සවයට අද(02දා) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ මාසයේ අග එතුමා මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් විශ්‍රාම යනවා. එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂකවරයෙක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 07ක් නියෝජනය කිරීමට එතුමා යනවා.