ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමට කටයුතු කර ඇති බවද, පසුගිය වසරේදී රටට ගෙනා ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න වන බවද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැසීය.
නුවර එළියේ පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසුවේය. ඩොලර් බිලියන 6 සීමාව පසු කර යාමට වූයේ තවත් ඩොර් මිලියන 30ක් පමණක් බවද, එම ඩොලර් මිලියන 30 ගෙන්වා ගැනීමට නොහැකිවූයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හදන නිලධාරීන් නිසා බවද අමාත්‍යවරයා කීය.
මේ සදහා අවශ්‍ය ගැසට් නිවේදනය ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා ප්‍රකාශ කළත්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදීත් තීන්දු තීරණගත් නිලධාරීන් අදත් සිටිමින් ඩොලර් මිලියන හයෙන් නතර කළ බවද මනුෂ නානායක්කාර මහතා කීවේය. ඒ සදහා ඔවුන් වගකිව යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.