මුදල් අමාත්‍යාංශයට අයත් ආයතන වලට බදාවා ගැනීම්වල වෙනසක්
මින් ඉදිරියට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක් ඇති කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
පසුගියදා පැවති පාර්ලිමේන්තු මුදල් අමාත්‍යංශ උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී බඳවා ගැනීමේ තරඟ විභාග වලට ඉදිරිපත් වන සියළුම අපේක්ෂයන්ට සම්මුඛ පරීක්ෂණයට සහාභගී වීමට පෙර තමන් තරඟ විභාගයේදී ලබා ගත් ලකුණු අනුපිළිවෙළ අනුව තෝරා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එසේම Z Score අගය ද මෙම සම්මුඛ පරීක්ෂණ වලදී අවස්ථාව හිමිවන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මේ තුළින් වඩාත් විනිවිද භාවයෙන් යුත් බඳවා ගැනීම් සිදුකර ගැනීමටත් එසේම බඳවා ගැනීම් සඳහා කරන බලපෑම් අවම කරගැනීමටත් හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
popular news
-
Anton Tuesday, 24 October 2023 07:11 AM
රටට කෙළවුණේ දේශපාලනය විසින් නුසුදුස්සන් බඳවා ගැනීමෙන්. සෑම රාජ්‍ය ආයතනයකටම, දේශපාලනයට අතගැසිය නොහැකි, වඩාත් විශිෂ්ඨ ක්‍රමවේදයක් ඇති කල යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

