දළදා පෙරහරේ කරඬුව දරා ගමන් කිරීමට සුදුසුකම් ලබා සිටින අලුත්ගම කන්ද විහාරයේ මුතු රාජා ඇතා තායිලන්තයට රැගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර කිරීමට එරට රජය කටයුතු සූදානම් කර ඇති බව ඓතිහාසික අලුත්ගම කන්ද විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් පැවසූහ.
මුතු රාජා ඇතා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ තායිලන්තයෙන් මෙරටට ලැබී තිබුණි.
කන්ද විහාරයේ වසර ගණනාවක් වාසය කරමින් සිටි මුතු රාජා ඇතා ඊයේ (09දා) කන්ද විහාරයෙන් පිටත්ව යෑමට පෙර මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කර පිරිත් නූල් බැඳ ආගමික ආශීර්වාද සිදු කළහ.
මුතුරාජා හස්තියාගේ පාදයක් ඉදිමීමට ලක්ව, නියපොතු තුළින් ශරීරයට විෂබීජයක් ඇතුළු වී තිබෙන බව නාහිමි පවසා සිටියහ. මුතු රාජා ඇතා දින කිහිපයක් දෙහිවල සත්ත්වෝද්‍යානයේ රඳවා අනතුරුව තායිලන්තයට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමට නියමිතය.
අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා
