මුතුරාජවෙල අභයභූමිය සංරක්ෂණය කිරීම සඳහා ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ රජයේ ගිණුම් කාරක සභාවේදීයි.
වගකිවයුතු සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් එම කමිටුව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ මූලිකත්වයෙන් ඉදිරියේදී රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මුතුරාජවෙල අභය භූමියක් ලෙස ගැසට් කර තිබුණද එම අභය භූමියේ මායිම් ලකුණු කිරීමක් මේ දක්වා සිදුවී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.