පළාත් පාලන මැතිවරණය නියමිත දිනට නොපැවැත්වීම අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 14 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) දින නියම කළේය.
මෙම පෙත්සමට අදාළ ලේඛන ඇත්නම් අධිකරණයට ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට වැඩිදුරටත් නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සළකා බැලිණි.
පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේද වගඋත්තරකරුවන් වෙනවෙන් නීීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින්පුල්ලේ මහතා කරුණු ඉදිරිපත් කරමින් පෙත්සමෙන් ඉල්ලා ඇති සහනයට අදාළ ලේඛනය වන මැතිවරණ ඇප මුදල් බාර නොගන්නා ලෙසට නිකුත් කර ඇති චක්‍ර ලේඛනය දැනට ඉවත් කරගෙන ඇති හෙයින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි යැයි පැවසීීය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඊට පිළළිතුරු දෙමින් චක්‍ර ලේඛනය මේ වන විට ඉවත් කරගෙන ඇතත් අමාත්‍ය මණ්ඩල තීරණය ඉල්ලා අස්කරගෙන නැතැයි පැවසීීය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ අධිකරණය පෙත්සම ලබන 14 වැනිදා සළකා බැලීමට තීරණය කළේය.