මී උණ රෝගය ගැන සැලකිළිමත් වන්න
අධි අවදානම් කලාප වල ගංවතුරට නිරාවරණය වුණු සියලුදෙනා මී උණ රෝගයට ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස විශේෂඥ වෛද්‍ය තුෂානි දඹරේරා මහත්මිය සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (30) “හදිසි ආපදාවකින් පසු අපගේ සෞඛ්‍ය රැකගමු’’ මැයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මඩ සහ ගංවතුර තත්ත්වය සමග ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ රෝගයේ ව්‍යාප්තියක් අපේක්ෂා කරන බවද ප්‍රාදේශීය මට්ටමේ රෝග නිවාරණය කරන කණ්ඩායම් වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හරහා මෙම රෝගයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන බවද පැවසුවාය.
දූෂිත ජලයට නිරාවරණය වීමේදී හැකි තරම් ආරක්ෂිතව ආරක්ෂිත පාවහන් පැළඳීම වැදගත් බවද ගලවාගැනීමේ මෙහෙයුම් කරන කණ්ඩායම් වලටද එම පණිවුඩය දිය යුතු බවද සදහන් කළාය. මෙවැනි කාලයක උණ වැනි රෝගී තත්ත්වයක් ඇති වුවහොත් හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද පැවසුවාය.
ආරක්ෂිත ස්ථාන වල රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් දිනපතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම් විමසිලිමත් වන බවද උණ පවතී නම් එය මී උණ හෝ වෙනත් රෝගයක් විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසද ඉල්ලා සිටියාය.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් මෙම මී උණ රෝගයට ගොදුරු විය හැකි ගංවතුරට ගොදුරු වූ අවදානම් කණ්ඩායම් සඳහා ප්‍රතිජීවක ඖෂධ නොමිලේ දෙන බවද පැවසුවාය. ඉදිරි සති කිහිපය තුළ මඩ සහිත ජලයට නිරාවරණය වීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වන ලෙසද ප්‍රතිජීවක ඖෂධ ලබා ගත්තද උණ පවතී නම් වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් බවද පැවසුවාය.
ඉදිරි කාලවල මී උණට අමතරව පාචනය, ඩෙංගු වැනි රෝග පැතිර යා හැකි බැවින් ඒ සම්බන්ධයෙන්ද සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

