මීළඟ විදුලි ගාස්තු සංශෝධනය සිදුවන්නේ, 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව මීළඟ විදුලි බිල සංශෝධනය සිදුකරන්නේ, 2024 වර්ෂයේ අප්‍රේල් මස 01වැනිදා සිදුකිරීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.
මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදුලි බිල සංශෝධනයක් කළ බැවින්, එළඹෙන වසරේ ජනවාරි පළමුවැනිදා විදුලි බිල සංශෝධනය නොකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉදිරියේදී වර්ෂයකට මාස 03කට වරක් විදුලි බිලේ සංශෝධනයක් සිදුකිරීමට ඊයේ (31දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.