හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය ගිය කොටස දෙපස අද 22 අලුයම සිට නැවතත් නාය යාමට පටන් ගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.
අංක 14 හා 15 නිවාස පේළි දෙකට ඉහළ කොටස මෙසේ නායයාම සිදු වෙමින් පවතී.මෙම කන්ද ටිකෙන් ටික රූ රා පහළට එන අයුරු දක්නට ලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
අක්කර දෙකක පමණ කොටසක් මෙසේ මේ වන විට නායයාමට ගොදුරු වී ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති.
මෙම නිවාස පේළි දෙකෙහි පදිංචිව සිටි පවුල් තිස්තුනක් ආරක්ෂිත පියවරක් ලෙස ඉකුත් දින ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථානයක රැඳවීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී මහත්මිය පියවර ගෙන තිබුණි.
2014 වර්ෂයේ සිදු වූ ශ්‍රී ලංකාවේ විශාලතම නායයාමක් ලෙස මෑත කාලයේ දී වාර්තා වූ කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායයාම දෙපස මෙලෙස නාය යාම ආරම්භ වී තිබේ.
මෙම ස්ථානයේ නිවාස පේළි දෙකක් පාසල් ගොඩනැගිලි කීපයක්හ හ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටා තිබේ.
මීරියබැද්ද හරහා යන මාර්ගයද භාවිතය මේ වන විට සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවද ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී මහත්මිය පැවසීය.
මීට දින කිහිපයකට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම ස්ථානයේ කළ භූමි පරීක්ෂණ වාර්තාවකින් මෙම ස්ථානය කොයිමොහතක හෝ නා යනු ඇති බවට පරීක්ෂණ වාර්තාවක් ප්‍රාදේශීය ලේකම් තුමිය වෙත භාර දී තිබේ.
සමන් පාලිත නානායක්කාර
