මීතොටමුල්ල ප්රදේශයට බැහැර කරන කුණු කසළ ජාඇල ඒකල ඔතේ කැළේ ප්රදේශයට බැහැර කිරීමට ගෙන තීරණය කර ඇතැයිද එයට විරෝධය දක්වන බවද සඳහන්මි කරමින්න් ජාඇල පරිසරය සුරැකීමේ ක්රියාකාරී කමිටුවේ සාමාජිකයෝ අද (12දා) උදෑසන ඒකල මඩම හන්දියේදී උද්ඝෝෂණයක නිරත වූහ.
'කොළඹට කිරි ඉතිරෙන්න ඒකලට කුණු වපුරන්න' 'කොළඹ කුණු අපට එපා' 'ජාඇල ඉන්නේ ඌරෝද' වැනි වැකි සහිත බැනර් ප්ර‘දර්ශනය කරමින් පැවැති මෙම උද්ඝෝෂණයට ප්ර‘දේශවාසීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
රුක්මන් කඳාන