මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්ර දේශයේ අවහන්හලක් ඉදිරිපිටි සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා පලාගොස් ඇති බව මීටියාගොඩ පොලිස් ස්ථානය පවසයි.
ඊයේ රාත්රි සිදු කළ මෙම වෙඩි තැබිමෙන් එම පුද්ගලයන් දෙදෙනා තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් පුද්ගලයෙක්මියගොස් තිබේ.
මරණකරු අවුරුදු 47ක් හා තුවාලකරු අවුරුදු 52ක් වන මිටියාගොඩ පදිංචිකරුවන් වෙයි.
වෙඩි තැබිම සඳහා ටී. 56 ගිනි අවියක් භාවිත කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ. මිටියාගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.