මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට කඩා වැදී එහි වෙළෙඳ සැලක සේවිකාවකට වෙඩි තබා වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය සඟවාගෙන සිටි කඩවත කිරිල්ලවල අවන්හලක හිමිකරුවෙක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි
අනෙක් සැකකරු සැකකරුවන්ට රැඳී සිටීමට නිවසක් ලබා දී තිබූ සැකකරු බව පොලිසිය කියයි
සැකකරුවන් සමග එම යතුරු පැදිය , ආරක්ෂක හිස් වැස්මක් ,පිහියක් හා කමිසයක් අවන්හලේ කාමරයක් තුළ සඟවා තිබේදී පොලිසිය මගින් සොයාගෙන ඇත
ඉකුත් 12 බිමි දින මෙම කොල්ලකෑම සිදුවූ අතර නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙළඳසැලක සේවිකාවකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර රුපියල් 45900/= මුදලක් කොල්ලකා පලා ගොස් තිබිනි
උදර ප්‍රදේශයට වෙඩි වැදීමෙන් තුවාල ලද 23 හැවිරිදි තරුණිය හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කෙරිණි
කොල්ලකරුවන් වෙළඳසැලේ උඩ ලාච්චුව තුළ මුදල් කොල්ලකෑමෙන් අනතුරුවවසා තිබූ යට ලාච්චුවේ යතුර සේවිකාවගෙන් ඉල්ලා සිට ඇති අතර ඇය එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් වෙඩි වෙඩි තැබීම සිදු කර තිබිණි'
කොල්ලකරුවන් සම්බන්ධයෙන් වැදගත් හෝඩුවාවන් කීපයක් ලැබී ඇතැයි පවසන පොලිසිය නුදුරු දිනකදීම එම සැකකරුවන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පවසයි'
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39 සහ 44 අතර පසුවන ඉඹුල්ගම සහ කඩවත ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.