මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (12දා) දින අලුයම සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ප්‍රජාව සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදී ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාව කෙරෙහි සෑහිමකට පත්විය නොහැකි බව වෙළෙඳ ප්‍රජා ප්‍රජාව ප්‍රකාශ කිරීම නිසා, මීගොඩ පොලිස් මුරපොලේ රාජකාරී කටයුතු සඳහා වෙනත් නිලධාරීන් යෙදීමටත්, මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ කටයුතු අද දින සිදු නොකිරීමටත් තීරණය කර තිබේ.
එසේම හෙට (13) දින සිට එම වෙළෙඳ කටයුතු පෙර පරිදිම ඉදිරියට කරගෙන යෑමට පොලිස් අධිකාරීවරයා සමග පැවති සාකච්ඡාවේදී එකඟතාවයට පැමිණි බව මීගොඩ පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.
පාදුක්ක ඩී.එන්. රෙක්සි