පිටත රාජකාරියකට ගොස් එමින් සිටියදි ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත මීගහතැන්න දිසා රෝහලට ඇතුළත් කළ මිගහතැන්න පොලීසිසේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
58 හැවැරිදි ප්රධාන පොලිස් පරීක්ෂක ජගත් අරියවංශ මහතා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු තංගල්ල පදිංචිකරුවෙකි. මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ.