මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර අද (05) දහවල් හටගත් ගැටුම හේතුවෙන් රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව රැඳවියන් 35ක් තුවාල ලබා තිබේ.
මේ අතර ගැටුම හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ. කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාරයේ වහලට මත නැග විරෝධාතාවක් ආරම්භ කළේය.
තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ.
ගැටුමට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධ කරුණක් බවට තොරතුරු වාර්තා වී තිබේ. බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරිමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබේ.