ඓතිහාසික මිහින්තලා පුද බිමේ රාජගිරි ලෙන පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ විදුලි පහන් කණු දෙකක තිබූ සූර් ය පැනල දෙකක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (13දා) මිහින්තලේ පුරා විද්‍යා කාර්යාලයේ ස්ථාන භාර නිලධාරියා අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගල්ගමුව පාර, මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
මීට මාස කීපයකට පෙර මිහින්තලා පුද බිම පිහිටි, රක්ෂිතය ආලෝකමත් කිරීම සඳහා සවි කර තිබූ විදුලි පහන් කණු දෙකක, සූරිය පැනල 2 ක් සොරකම් කර ඇති බවට මිහින්තලේ පුරාවිද්‍යා කාර්යාලය මගින් මිහින්තලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව දීර්ඝ විමර්ශනයක් සිදු කළ මිහින්තලය පොලිසියේ නිලධාරීන් මිහින්තලේ පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන සේවකයෙකු පසුගිය (12 දා) අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව ඒ සම්බන්ධයෙන් පළමු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වූ කරුණු මත මිහින්තලේ පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරියා මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සොරකම හා සොරකමට අනුබල දීමේ වරදට එම සැකකරු අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් භාණ්ඩ වලින් එක් සූර් ය පැනලයක් මේ වන විට සොයා ගෙන ඇති බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (14 දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.