මෙරට තුළ බුදු දහම ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය වූ ඓතිහාසික මිහින්තලය පුදබිම ආසන්නයේ මත්පැන් හලක් විවෘත කිරීමට, රජය පියවර ගැනීමට විරෝධය පළ කරමින් පළ කරමින් මිහින්තලේ අවට ජනතාව ඊයේ 10 දා උදෑසන ම දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
බුදු දහම ආරම්භ වූ දා සිට මේ දක්වා මිහින්තලේ නගරය තුළ මස් කඩ හෝ තැබෑරුම් නොතිබූ බවත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යැයි කියමින් මිහින්තලාවට මේ සිදු කරන විනාශය තමන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බව රැස්ව ජනතාව පැවැසූහ.
මිහින්තලා පුදබිමට කිලෝමීටර් 10ක් අවටින් මත්පැන් බලපත්‍ර තහනම් කරමින් රජය මගින් මීට පෙර නිකුත් කර තිබූ ගැසට් පත්‍රය තිබියදී, මිහින්තලා පුද බිමට, මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයට හා පාසල් දෙකකට මීටර් 200 කටත් වඩා අඩු දුරකින් තිබෙන හෝටලයක් සඳහා මෙම බලපත්‍රය ලබාදී ඇති බව ඔවුහු පෙන්වා දුන්හ."