මිහින්තලා රජමහා විහාරස්ථානය තුළ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු බව සැල වීමත් සමග ඒ පිළිබඳව තමන් වහන්සේ කළ ප්‍රකාශයකට අනුව මිහින්තලා විහාරස්ථාන භූමිය තුල සිටින සියලුම යුධ හමුදා, නාවික හමුව , සිවිල්ආරක්ෂක සෙබළුන් මේ වන විට ඉවත් කර ඇතැයි මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් පැවැසූහ.
"විදුලි බල මණ්ඩලය, ජල සම්පාදනය මණ්ඩලය සැකයි කිව්වොත් ඒ සියල්ල අයින් කරයිද? මිහින්තලේ පොලිසියට විරුද්ධව පැමිණිල්ලක් කළොත් මුළු පොලිසියේම අයින් කරයිද මේකට හේතුව මගේ කතාවට මෙයාලට උණ ගැනිලා. මෙය පෞද්ගලික පලි ගැනීමක්" යැයිද උන්වහන්සේ පැවැසූහ.
අද10දා මිහින්තලා රජමහා විහාරස්ථානයේ මැද මළුවේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.
"රටේ පන්සල් පල්ලි කෝවිල් හැම ආගමකම මේ ආරක්ෂක අංශ සාමාජිකයන් සේවය කරනවා. ආරක්ෂක අංශ සාමාජිකයන් මේ පුදබිමේ මගේ පෞද්ගලික වැඩ කරන්නේ නැහැ. සිවුරු හෝදන්නෙ නැහැ. සිව්පසයෙන් දාන මාන සකස් කරන්නේ නැහැ. එහෙම කටයුත්තක් කරන්නේ නැහැ. රජ දවසේ ඉඳලා මේ වෙහෙර විහාර වල දියුණුව සඳහා භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස දායක වෙලා තිබෙනවා.
එතැනදී යුද හමුදාවද, දස මහ යොධයෝද නාවික හමුදාවද, සිවිල් ආරක්ෂක බලකායද ගුවන් හමුදාව ද පොලිසිය ද කියන එක අදාල නැහැ. සිව්වනක් පිරිසට තමයි මේ සියලු දෙනා අයිති වෙන්නේ. මම එදා කතා කළේ, හමුදා ස්වේච්ඡා සේනාංකයක සෙබළුන් දෙදෙනෙක් ගැන, නොචියාගම කඳවුරක අණදෙන නිලධාරියෙක් තමයි මෙහෙට ඒ දෙන්න එවලා තියෙන්නේ.
අපි දන්නවා මැති ඇමතිවරුන්ගේ ගෙවල් දොරවල් හදන්න, වත්තේ ගස් කපන්න , හමුදාව භාවිතා කරනවා. අනුරාධපුරයේ හිටපු ඇමතිවරයෙකුගේ හොරොව්පොතාන ප්‍රදේශයේ බඩ ඉරිඟු අක්කර 1000ක බඩ ඉරිඟු හිටවන්න, පොහොර ගහන්න කුඹුරු අක්කර 650ක වී වපුරන්න ගොයම් කපන්න යොදා ගත්තේ සිවිල් ආරක්ෂක භටයන් මේ සිදු වීම පෞද්ගලික පලි ගැනීමක්.
මින් ඉදිරියට මෙම විහාරස්ථානයේ, ධාතු මන්දිරය, අක්කර දහස් ගානක පැතිරී තිබෙන පුරා විද්‍යා නටබුන් වල ආරක්ෂාව, පුද බිම සුද්ද පවිත්‍ර කිරීම ඇතුළු සියලු දේ ආණ්ඩුව විසින් සිදු කල යුතුයි.
විහාරස්ථානයේ තොරතුරු ගන්න ඇවිල්ලා හිටියලු එහෙම ගන්න නම් එතන සංචාරක පොලීසියක් තිබෙනවා , මිහින්තලේ පොලිසිය තිබෙනවා , මැද මළුවේ පොලිස් මුර පොලක් පිහිටා තිබෙනවා ඒවායේ විස්තර තිබෙනවා.
මම තමයි මෙහි විහාරාධිපති කවුරු හරි මෙහි එනව නම් මට දැනුම් දීල එන්නේ, මෙච්චර පිරිසක් මෙහි ඉන්නවා කියලා, මේ පොලිස් මුරපලේ සටහන්ටව තිබෙනවා. පොත්වල ලියලා තියෙනවා. මේ දෙන්නට මෙතන අකටයුතු වැඩක් කරලා හැංගිලා යන්න තිබුණා. බත් පතට වහ ටිකක් දාලා දෙන්න තිබුණා.
මේ දෙන්නා ගැන සැලවීමත් සමග අපි කතා කළා අනුරාධපුර දිස්ත්‍රික් හමුදා බුද්ධි අංශ ප්‍රධානියට, වන්නි ආඥාපතිට , ඩිව් කමාන්ඩර්ට , උතුරු මැද පොලිස්පතිට , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට , ඒ අය දන්නෙ නැහැ . එත කොට මේ අය දන්නේ නැද්ද එහෙම දෙන්නෙක් මේ වගේ ඓතිහාසික පුද බිමකට එවන කොට.
ඇයි මේ හමුදා සාමාජිකයෝ දෙන්නා දාන ශාලාවට යන්නේ , සංඝා වාසයට යන්නේ, වන්දනාකරුවන් යන එන වැසිකිලි කැසි කිලි වලට යන්නේ.
තන්තිරිමලේ හිටපු රජමහා විහාරාධිපති ඝාතනය කලා. කවුරුත් දන්නෙ නෑ කවුද ඝාතනය කළේ කියලා , මම මේ ප්‍රකාශය කලේ ත්‍රිවිද හමුදාවට , සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පොලිසියට විරුද්ධව නෙමේ, චෝදනා කළේ මේ හමුදාවේ භටයො කොහේ කඳවුරක, කාගේ අනුමැතියෙන්ද මෙහෙට එව්වෙ කියලයි.
හමුදා සෙබළුන් අප සමග අරියාදුවක් නැහැ. මිහින්තලේ තිබුණු පොසොන් උත්සවයේ සියලු බර කරට අරන් වැඩ කළේ මේ භට භටවරියන් ඒ අයට ඒ අභිමානය තිබෙනවා.
මේක පෞද්ගලික පළි ගැනීමක් මගේ පෞද්ගලික ආරක්ෂාවට නෙමෙයි. මේ නිලදරුවෝ හිටියේ මිහිඳු මහා සෑයේ 2019 ඉඳලා නාවික හමුදාවෙන් හදනවා , 2014 ඉඳලා ධර්මශාලා මන්දිරය අසල බැම්ම ඉදි කරනවා , සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තමයි මෙම පුදබිම සුද්ද පවිත්‍ර කරන්නේ ,ගුවන් හමුදාව තමයි මේ සෑයේ තීන්ත ආලේපනය කරන්නේ,
සිවිල් ආරක්ෂක බලකාය ත්‍රිවිධ හමුදාව පොලිසිය සියල්ල රැගෙන යන්න මගේ විරෝධයක් නැහැ, මොකද මේ මගේ පෞද්ගලික දෙයක් නෙමෙයි නිර්මාණය වෙන්නේ. මේ පූජා භූමිය අනාගත සැදැහැවතුන් සඳහා තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. "
