මිහින්තලය රජමහා විහාරයේ විවිධ කටයුතු සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කර නොමැති බවත්, තවදුරටත් පොලිස් නිලධාරීන් පුදබිමේහි රාජකාරී සඳහා යොදවා සිටින බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
එම පුදබ්මේ රාජකාරී සඳහා යොදවා සිටි හමුදා නිලධාරීන් ඉවත්කිරීමට ගනු ලැබූ තීරණය පරිදි පොලිස් නිලධාරීන්ද ඉවත් කෙරෙන බව හැඟවෙන ආකාරයට යම් තොරතුරක් මාධ්‍යවල පළ වූ බවද එම කොට්ඨාසය පෙන්වා දෙයි.