මිහිදන් කළ අවු. 14ක දරුවාගේ සිරුර ගොඩ ගනියි
දැරණියගල, නූරිය වත්තෙහි භූමි දානය කල චන්ද්‍ර කුමාර් රංජිත් කුමාර් නැමැති (වයස අවුරුදු 14) දරුවාගේ දේහය වැඩිදුර පරික්සණ සදහා අද දින (12) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් චමෝද් ජයසේකර මහතාගේ නියෝග මත එම දේහය මිහිදන් කල නූරිය වත්ත පොදු සුසාන භූමියේ දී ගොඩ ගෙන කොළඹ අධිකරණ හා විෂවේ දී ආයතනයට එම දේහය පිලබදව දෙවන පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා ගෙන යන ලදී .
දේහය ගොඩගැනීමේ අවස්ථාවට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් චමෝද් ජයසේකර මහතා ඇතුළු කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ආර් ආර් ශ්‍රියන්ත අමරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මහාචාර්ය්‍යය වී පී සී පෙරේරා,මහාචාර්ය්‍යය මුදිත විදාන පතිරණ,මහාචාර්යය්ය ධම්මිකා ආරියරත්න,විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රභාත් සේරසිංහ,විශේෂ අධිකරණ වෛද්‍ය නිළධාරී ටී ආර් රුවන්පුර,විශේෂ අධිකරණ වෛද්‍ය නිළධාරී සී කේ රාජගුරු යන මහත්ම මහත්මීහු ද,සීතාවක කොට්ඨාෂ භාර ජේස්ඨ පොලිස් අධිකාරි චමල් රත්නායක,සීතාවක සහකාර පොලිස් අධිකාරි (දිස්ත්‍රික් 3) එස් කේ එන් ප්‍රියන්ත,නූරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂඛ ඉංදික,නුරිය පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්සක සෝමරත්න යන මහත්වරු ද සහභාගි වී සිටියහ.
මෙම වසරේ ජනවාරි 2 වන දින නූරිය ප්‍රදේශයේ චන්ද්‍ර කමාර් රංජිත් කුමාර් නැමැති දරුවෙකු මියයාම සම්බන්ධයෙන් නූරිය පොලිස් ස්ථානයට වාර්ථා වුනු අතර පසුව පොලිස් නිළධාරීන් මැදිහත් වී එම දරුවා දැරණියගල රෝහල වෙත ගෙන යාමට කටයුතු කරන ලදී .ඒ වනවිටත් දරුවා මිය ගොස් සිට ඇත. දරුවාගේ මියයාම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල රෝහලේ දී පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේ දී එම දරුවා මියයාම දරුවා විසින් සිදු කර ගත් මියයාමක් බවට අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා සදහන් කර ඇත.
එහෙත් නූරිය ප්‍රදේශයේ ජනතාව හා එම දරුවාගේ ඥාතීන් නිතරන්තරයෙන්ම මෙම දරුවා දෙමාපියන් විසින් සිදුකල ඝාතනයක් බවට පවසමින් විරෝධතාවක් පවත්වා ඇති අතර එම කරුණු නූරිය පොලිස් ස්ථානය විසින් ජනවාරි මස 4 වන දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙයි.එහිද එම දරුවාගේ දෙමාපියන් මානසික වෛද්‍යයවරයෙකු වෙත යොමු කර ඇති අතර පසුව අධිකරණයෙන් ඔවුන්ට ඇප ලබාදීමට කටයුතු කර තිබෙයි.එහෙත් ඔවුන්ට ඇප ලබා දීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ හෙයින් ඔවුන් කුරුවිට බන්ධනාගාර ගත කර තිබෙයි.
වසන්ත රෝහණ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
