මැලේසියාවේ සහ සිංගප්පූරුවේ පැවති මිසිස් ග්ලෝබල් යුනිවර්ස් - 2026 (Missis Global Universe - 2026 ) රූ රැජින තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මිෂෙල් ද සිල්වා , එම තරගාවලියේ අනුශූරතාවය දිනා ගෙන 07/23 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
තරගාවලිය ලෝකයේ රටවල් 47 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 07/07 දින සිට 07/11 දක්වා සිංගප්පූරුවේ සහ අවසාන මහා තරගය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පවත්වා තිබුණි .
මෙම ජයග්රහණයට අමතරව , මිෂෙල් මෙම තරගාවලිය තුළ පැවැත්වූ තවත් අනු තරගාවලි 05 ක ජයග්රහණයන් ද හිමි කර ගැනීමට සමත් වී සිටියාය .
නම් හොදම ජාතික ඇදුම ( Best National Costume ) , Best Introduction Video , Missis Ledgnt , හොදම ජනතා සම්මානය ( Peoples Awards ) සහ Global Model Fashion Star යන අනු තරගාවලි වලදී ද ඇය ජය හිමි කර ගෙන තිබුණි .
