මිසයිල ප්‍රහාරවලට ’ලයික්’ කළ ලංකාවේ 7ක් අරාබි එමීරයෙන් පිටුවල් කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ , අබුඩාබි නුවර රැදී සිටිමින් , මැදපෙරදිග යුද්ධයේ දී භාවිතා කළ ඩ්‍රෝන යානා , මිසයිල වල ජායාරූප , වීඩීයෝ දර්ශන තම ජංගම දුරකථන වල තබා ගනිමින් , ඒවාට සිය කැමැත්ත ( Like ) සහ අදහස් ප්‍රකාශ කිරීම ( Coments ) යන චෝදනා මත එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන , රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලාංකික තරුණයන් 07 දෙනෙකු , එරටින් පිටුවහල් කර 05/27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
ඔවුන් 05/27 දින රාත්‍රී 09.25 ට අබුඩාබි නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .
ඔවුන් අතර 29 හැවිරිදි වියේ පසුවන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඉසුරු ප්‍රදීප් ද සොයිසා , 23 වන හැවිරිදි මාරපන ප්‍රදේශයේ පදිංචි නිලංක නාමල් අබේවර්ධන , 33 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි ගිහාන් ධනුෂ්ක , 23 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි හේවගේ කළණ තත්සර ජයරත්න , 27 වන වියේ පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි මනෝරත්න ආරච්චිගේ ඉෂාන් හර්ෂ ප්‍රියන්ත , 25 හැවිරිදි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ෂහින් අෆ්රාන් නිලව්ඩීන් සහ 32 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි ෆස්ලූන් නිසාර් අබ්දුල් නසාර් යන අය සිටිති .
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු , ශ්‍රී ලංකාව තුළ ඔවුන් පාතාල ක්‍රියාකාරකම් , සංවිධානාත්මක අපරාධ කල්ලි සමග හෝ මත්ද්‍රව්‍ය ජාලය සමග සම්බන්ධතා පවත්වා ඇත් ද යන්න , කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් , රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව විමර්ශන ආරම්භ කර තිබේ .
මොවුන් සමග අත් අඩංගුවට ගත් 21 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම ඉකුත් 05/22 දින ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ අතර , පසුව ඔවුන් පිළිබද සිදු කළ විමර්ශන වලදී , ඔවුන් අතර සිටි රතු වරෙන්තුකරුවන් , පාතාල ක්‍රියාකරුවන් , මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටි පුද්ගලයන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමග එක්ව කටයුතු කළ අය හදුනා ගෙන , ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ .
05/27 දින රැගෙන ආ මොවුන් , වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඔවුන්ගේ පදිංචි ප්‍රදේශයේ පොලීසි වෙත භාර දීමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

