තරුණ නියෝජනය සහතික කර කඩිනමින් නිර්දේශ ලබා දී මිශ්‍ර ඡන්ද ක්‍රමයකින් පලාත් පාලන ඡන්දයකට යා හැකි යැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.
මතුගම පැවති මහජන එක්සත් පෙරමුණේ සමස්ථ ලංකා තරුණ සමිති සම්මේලනය අමතමින් ඔහු මේ බව පැවසීය.
" මහජන එක්සත් පෙරමුණේ මතය ඉදිරියට ගෙනයන්නට මේ තරුණ සම්මේලනයට ශක්තිය හා අධිෂ්ඨානය තිබෙනවා. පරාජය මධ්‍යයේ දේශපාලන බලය කරා යන්න. පසුගිය ආණ්ඩුව ගෙදර යවන්න මේ තරුණයා දැවැන්ත ශක්තියක් වුනා. කෝවිඩ් ප්‍රශ්නයෙන් පසුබෑමකට ලක්වූ ආර්ථිකය යළි පිබිදීමේදී වැඩිම වාසිය තරුණයන්ට ලබාදිය යුතුයි. ලෝකය පුරා ඇති නැති පරතරය පළල් වෙමින් තිබෙනවා. නව ආදායම් මාර්ග වර්ධනය කරගන්න, තිබෙන දේශපාලන බලය රැකගෙන කටයුතු කළ යුතුයි. අය වැයෙන් ගමට විශාල මුදලක් වෙන් කළේ මහජන සහභාගිත්වයෙන් ආර්ථික සංවර්ධනය ඇතිකිරීමටයි. රටේ උරුමය, සභ්‍යත්වය රැකගැනීම කළ හැක්කේද තරුණ පරම්පරාවටයි.
මෙතනදී යෝජනාවක් සම්මත කරගත්තා, මිශ්‍ර ක්‍රමයට ඡන්දය තියන්න කියලා. පාර්ලිමේන්තුවේ ඡන්ද ක්‍රමය ගැන කමිටුවෙ සභාපති විදියට මම කියන්න ඕන, අපි දැන් ඒ කමිටුවෙ කටයුතු කරගෙන යනවා. ඉක්මණින් නිර්දේශ ලබාදීලා, පළාත් පාලන ඡන්දයකට රට ගමන් කරවන්න පුළුවන් වෙයි කියා සිතනවා. අනාගතය ගැන තාරුණ්‍යයට අපි සහතිකයක් ලබාදිය යුතුයි*


