ඉන්ධන මිල වැඩි කිරීමට පෙර ඒ ඒ වර්ගයේ ඉන්ධනවලින් බදු අය කරන ආකාරය පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා හෙළිකර තිබේ.
ඒ අනුව,
පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 57.47ක්,
පෙට්‍රල් 95 ලීටරයකින් රුපියල් 78.53ක්,
ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 32.05ක්,
සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 55.44ක්,
ලෙස බදු අය කරයි.
එසේම මිල වැඩි කිරීමට පෙර ඉහත සඳහන් කළ ඉන්ධන අනුපිළිවෙළටම ලබන අලාභය පිළිවෙලින් රුපියල් 83.71, 71.04, 111.60, 115.95කි. මීට අමතරව භූමිතෙල් ලීටරයකින් රුපියල් 275.26ක් ලෙස අලාභ ලබයි.