ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා වැඩිකිරිමෙන් පසු ඉකුත් වර්ෂයේ දි (2024) අලෙවිකර තිබු ලොතරැයිපත් සංඛ්‍යාව හතලිස්හත්කෝටි,හැටදෙලක්ෂ,හතලිස්හයදහස් දෙකක් (476,246,002) දක්වා සියයට 37කින් පහත වැටි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ලොතරැයි මණ්ඩලය විසින් 2023 වර්ෂයේ ජුලි මස 06 වැනිදින සිට එතෙක් රුපියල් 20කට අලෙවිකරණු ලැබු ලොතරැයිපතක මිල රුපියල් 40 දක්වා සියයට සියයකින් වැඩිකරතිබුණි. මිල වැඩිකිරිමට පෙර ආසන්න වශයෙන් වර්ෂයකට ලොතරැයිපත් එකසියවිසිනම කෝටි,අසුලක්ෂ,නමදහස්නමසිය හතලිස්දෙකක් (1,298,009,942) අලෙවිකොට තිබුණි.
මිල වැඩිකිරිමෙන් පසු ඉකුත් වර්ෂය තුල අලෙවිකොට ඇත්තේ ලොතරැයිපත් අසුදෙකෝටි,දාහත්ලක්ෂ,හැටතුන්දහස් නමසිය හතලිහකි. (821,763,940) ලොතරැයි පත් අලෙවිය වර්ධනය කරගැනිමට පියවරගතයුතු බවට විගණන මගින් නිර්දේශකොට ඇත. ලොතරැයි මණ්ඩලය විසින් විගණනයට සදහන්කොට ඇත්තේ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ හා සේවාවන් සමග සැසදිමේ දි ලොතරැයිපත් යනු පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය දෙයක් නොවන බවය. ලොතරැයිපත් පාරිභෝගිකයා තුල ජයග්‍රහණය පිළිබද බලාපොරොත්තු ඉස්මතු කරමින් අලෙවි කරනු භාණ්ඩයක් බවද ලොතරැයි මණ්ඩලය විසින් විගණනයට සදහන් කොට ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් 2024 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව ඇත.
යක්කලමුල්ල චාමින්ද