දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තතත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර හා සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
