මිරිහාන පැඟිරිවත්ත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ (31) රාත්‍රියේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් රුපියල් මිලියන 39ක පොදු දේපලවලට හානි සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
"මෙම සිද්ධියේදී රුපියල් මිලියන 39කට ආසන්න පොදු දේපළ හානියක් සිදුවෙලා තිබෙනවා ඒ වගේම සැකකරුවන් 53 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂ කාර්ය බලකායේ 18ක් ඇතුළුව පොලීසියේ 24කට තුවාල සිදුවෙලා තියෙනවා.
බස්නාහිර පළාතෙන් 42ක් මධ්‍යම පළාතෙන් 3 දෙනෙක් සබරගමු පළාතෙන් 4 දෙනෙක් උතුරු පළාතෙන් 2ක් සහ දකුනු පලාතෙන් 2 වශයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර සිටිනවා. මේ සිද්ධිය ඇතිවන අවස්ථාවේදී ජනාධිපතිවරයා කොහෙද හිටියේ කියලා කියන්න මට අයිතියක් නෑ ඒ වගේ කරුණු හෙළි කිරීමට හැකියාවකුත් නෑ."