අහුංගල්ල පොලිස් වසමේ එගොඩමුල්ල ප්රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් අසල නිවසක තනිව ජීවත්වූ කාන්තාවන් දින ගනනාවක් නොදුටු බවත් එම නිවස දෙසින් දුඟදක් හමන බවටත් සඳහන් කරමින් පොළීසියට කරන ලද පැමිණිල්ලකට අනුව අහුංගල්ල පොලිසිය විමර්ශණයක් සිදුකොට ඇත.
පොලීසිය විසින් සිදුකරණලද වැඩිදුර විමර්ශණයේදී එම නිවසේ පදිංචි කාන්තාව නිවස තුල පුටුවක් මත මියගොස් සිට ඇති අතර සිරුර දැඩි ලෙස දියවී ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇත. එම කාන්තාව වයස අවුරුදු 65ක් වන අතර මහේස්ත්රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. මරණය සිදුවූ ආකාරය පිළිබඳ මේවනතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර වැඩිදුර විමර්ශන අහුංගල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.
ඉන්දුමූර්ති ජයසූරිය