මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 මංකොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එම සැකකරුවන් සන්තකයේ තිබී කොල්ල කන ලද මුදලින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් හා හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 6000 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
විවිධ බැංකුවල ඒ ටි එම් යන්ත්‍ර සඳහා තැන්පත් කිරීම සඳහා මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයක විය යුතු රියදුරු ලෙස සේවය කළ ප්‍රධාන සැකකරු වන ඉකුත් තුෂාර ඉන්දික සොයිසා නමැත්තා ඉකුත් 18 වෙනි දින මිනුවන්ගොඩ නගර මධ්‍යයේදී වෑන් රථය සමග මුදල් කොල්ලකා පලා ගොස් තිබිණි.
පසුව ප්‍රධාන සැකකරු එම වෑන් රථය අත්හැර රුපියල් කෝටි 7 -1/2 අඩංගු අඩංගු කර මලු හතරක බහා තිබූ මුදල් තොගය රැගෙන අනෙක් සැකකරු වන සමන් රණසිංහ නැමැත්තා සමග යතුරු පැදියකින් පළා ගොස් තිබිණි.
කොල්ල කන ලද මුදලින් රුපියල් කෝටි තුනකට අධික මුදලක් ගායකකුගේ සහෝදරයෙකුට ලබාදී තිබු අතර ඔහු එම මුදලුත් රැගෙන ඉකුත් 23 වෙනි දින විදේශගතව තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
තවත් කෝටි 3.-1/2 ක මුදලක් ප්‍රධාන සැකකරුගේ සමීප ව්‍යාපාරික මිතුරෙකුට ලබාදී තිබූ අතර එම ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එම මුදල් ද මීට දින කීපයකට ඉහතදී සොයාගත් බව පොලිසිය කියයි.
ප්‍රධාන සැකකරු සහ සහායකයා මුදල් කොල්ලයෙන් අනතුරුව යාපනයට ගොස් බෝට්ටු කරුවෙකුට රුපියල් ලක්ෂ 25 ක මුදල් ලබාදී ඉන්දියාවට පලායාම සඳහා උත්සාහ දරා ඇතත් ඔවුන්ගේ ඡායාරූප මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමගම පලායාමේ තැන නිෂ්ඵල වි
යැයි පොලිසිය සඳහන්කරයි.