මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍ර දේශයේදී පියෙකු හා පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව මේ වන විට සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ් අනුව ඊයේ දිනයේදී මෙම වෙඩි තැබීම සිදුකර පළා යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ගලේවෙල ප්‍ර දේශයේදී බස් රථයකින් ගමන් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ අතර තවත් සැකකරුවෙක් ගිරිඋල්ල ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒසේම මෙම ඝාතනට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ තවත් සැකකරුවෙක් හා සැකකාරියක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.