57 හැවිරිදි මිත්තණියගේ ගෙළ කපා ඝාතනය කර ඇයගේ සිරුර කැලයක් වෙත ඇදගෙන ගොස් දැමු බව කියන 24 හැවිරිදි මුනුබුරා අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බදුරලිය හැඩිගල්ල ජනපදය බොල්ලුන්න ලිපිනයේ පදිංචි ලීලාවතී වික්රමසිංහ නැමැති කාන්තාවකි.
මියගිය කාන්තාව ද සැකකරු පදිංචි නිවසේ පදිංචිව සිටින අතර මියගිය මිත්තණිය තම මවට (මිත්තණියගේ දියණියට) කරදර කරන බවට පවසා මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
මංගල උත්සවයකට සහභාගි වී මත්පැන් පානය කර නිවසට පැමිණ තිබූ සැකකරු නිවසක් තුළ සිටි මිත්තණියට පිහියෙන් පහරදී අනතුරුව අසල කැලයක් වෙත ඇදගෙන ගොස් දමා තිබූ බව පොලිසිය කියයි.
සැකකරු ඝාතනයට ලක්වූ කාන්තාව ඇදගෙන යන අවස්ථාවේදී ඇය හැඳ සිටි ඇඳුම් ගැලවී ගොස් සිරුර නිරුවත් ඇතැයි පොලිසිය කියයි. සැකකරු ඝාතනයට යොදාගත් තියුණු ආයුධය ද පොලිසිය මඟින් සොයාගෙන ඇත