මිටර් 100ක් ඇතුළත දුම්රියේ ගැටී දෙදෙනෙක් ජිවිතක්ෂයට
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ඉදුරුව අතුරුවැල්ල ප්රදේශයේදී අද (27)උදේ පැය හතරක් පමණ ඇතුළත මීටර් සියයක් අතර දුරකදී දෙදෙනෙකු දුම්රියේ හැපී මරුමුවට පත්වී ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.
මෙසේ දුම්රියේ හැපී මිය ගොස් ඇත්තේ ඉදුරුව අතුරුවැල්ල ප්රදේශයේම පදිංචි තිස්පස් හැවිරිදි හා හැට හැවිරිදි පිරිමි අයවලුන් දෙදෙනෙක් බවද පොලීසිය කියයි.
මේ දෙදෙනා අතරින් අද අලුයම් කාලයේ තිස් පස් හැවිරිදි පුද්ගලයා කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකද හැට හැවිරිදි අය අද උදේ බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකද හැපී මරුමුවට පත්වී ඇති බව ද පොලීසිය කියයි.
මේ දෙදෙනාම දුම්රියේ හැපී ඇත්තේ ඉදුරුව අතුරුවැල්ල ප්රදේශයේ දුම්රිය මගෙහි මීටර් සියයක් දුර අතර බව ද පොලීසිය කියයි.
දෙදෙනාම දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තේද නැතහොත් වෙනයම් හේතුවක් නිසා ඔවුන් දෙදෙනාම දුම්රියේ හැපී මියගියේ දැයි යන්න පිළිබදව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බව ද පොලීසිය කියයි.
මේ දුම්රිය අනතුරින් මිය ගිය දෙදෙනාගේම මරණ පරීක්ෂණ අද දහවල් බලපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණ.
කොස්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

