ශ්‍රී ලංකා රේගුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ මගින් අත් අඩංගුවට ගත් විශාලතම තහනම් මත් පෙති ලෙස හැදින්වෙන ට්‍රැමඩෝල් නැමති ඖෂධ කෝටි දෙකකට ආසන්න ප්‍රමානයක් කොළඹ අංක 6 මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා ඉදිරියෙ පුත්තලම පාලවිය පිහිටි සිමේන්ති කර්මාන්ත ශාලාවේ අධි තාප උදුනේ දමා විනාශ කිරීම 21 දින සවස සිදුවිය.
අදාල තහනම් මත් පෙති නමින් හදුන්වන තහනම් ට්‍රැමඩෝල් ඖෂධ තොගය රේගුවට වසං කරමින් 2018 වසරේ සැප්තැම්බර් 10 දින මෙරටට ආනයනය කර ඇත්තේ දරුවන්ට හා වැඩිහිටියන්ට ලබා දෙන පැම්පස් ලෙස ව්‍යාජ ලේඛණ ලබා දෙමින් බව කියයි.
ඒ පිළිබදව ඇතිවු සැක මත ශ්‍රී ලංකා රේගුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිළධාරීන් සමග එක්වි මේ පිළිබදව අදාල කන්ටේනර් රථය පරික්ෂා කිරීමේදි තහවුරු කිරීමේදි හෙළිවි ඇත්තේ අදාල දැවැන්ත කන්ටේනරයෙ දොර විවෘත වන ස්ථානයෙ ආවරණය වන ලෙසට පැම්පස් පෙට්ටි වලින් අසුරා ඇතුලත ට්‍රැමඩෝල් පෙති එක්කෝටි පනස් ලක්ෂයකට (1,50,00000) අධික ප්‍රමානයක ඇති බවයි.
කෙසේ නමුත් අදාල විමර්ශණයෙදි 2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත අනුව වරදක් අණාවර්ණය නොවිම මත මෙම ඖෂධ බහාලුම අදාල නැව් සමාගම වෙත මුදා හැරීමට නීතිපතිවරයා අවසර ලබා දි තිබුනී.
කෙසේ නමුත් නැවත නීතිපති දෙපාර්තුමේන්තුව සිදුකල විමර්ශණයකින් පසු අදාල ඖෂධ තොගය 2021 අංක 41 දරණ විෂ වර්ග අබිං හා අන්තරායකකර ඖෂධ පනතේහි ප්‍රතිපාදන ප්‍රකාරව 2023 නොවැම්බර් 27 දින නිකුත් කර ඇති 2360/2021 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙ ඇති විෂ වර්ග හා අන්තරායකර ඖෂධ බැහැර කිරීම පිළිබදව නියෝග අනුව කටයුතු කරන ලෙස උපදෙස් ලබා දි තිබුනි.
ඒ අනුව අදාල නඩු භාණ්ඩය සම්බන්ධයෙන් අධිකරණයට කරුණ වාර්තා කිරිමේන් අනතුරුව අදාල බහාලුමේ ඇති ට්‍රැමඩෝල් පෙති තොගය පුත්තලම සිමේන්ති සමාගමේ අධී දහන උදුනේ දමා විනාශ කිරීමට නියෝග ලබා දි තිබුනී.
අනුව කොළඹ සිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා ශ්‍රී ලංකා රේගු නිළධාරීන්ගේ අධික්ෂණයෙන් 21 දින පුත්තලම දැවැන්ත කන්ටේනර්ය රැගෙන ඒම සිදුව තිබුනී.
එසේ රැගෙන ආ අදාල මීල ගනනය කර නොමැති දැවැන්තම මත් පෙති තොගය පුත්තලම සිමෙන්ති සමාගමේ අධිබල තාප උදුනේ දමා විනාශ කිරීම සිදුවිය.
ඒ අනුව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය සහකාර පොලිස් අධීකාරි ධම්මික සේනාරත්න , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙ ස්ථානාධීපති චන්දන හේරත් මහත්වරුන් හා රස පරික්ෂක දේපාර්තුමේන්තුව,ඇතුළු නිළධාරීන්ගේ අධික්ෂණය යටතේ අදාල දැවැන්ත ට්‍රැමඩෝල් පෙති තොගය මෙලෙස විනාශ කිරීම සිදුවිය.

