ශ්‍රී ලාංකිකයෙකු මැලේසියාවේදී පහරදී ඝාතනය කරලා
ශ්‍රී ලාංකිකයෙක් සිද්ධිය ඡායාරූප ගතකර තානාපති කාර්යාලයට ලබාදීලා
ඝාතකයන්ට නිසි දඬුවම් ලබාදී සාධාරණත්වයක් ඉටුකරන්නැයි ඥාතීහු ඉල්ලා සිටිති
මැලේසියාවේ රැකියාවට ගිය ගල්වෙල, පුවක්පිටිය පදිංචි මොහොමඩ් සෆ්රීන් (26) නමැති තරුණයාට සතියක් තිස්සේ දසවධදී මරා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පසුගිය මැයි මස 22 වැනිදා අවසන් වරට සිය නිවසට සෆ්රීන්දුරකථනයෙන් කතා කර ඇත. ඉන්පසු ඔහු පිළිබඳ මාස 5ක් යනතුරු කිසිම තොරතුරක් නොමැති වීම හේතුවෙන් පසුගිය (10දා) විදේශ කටයුතු අමාත්‍යාංශයට ගිය ඔහුගේ පියාට එහි නිලධාරියෙකු පවසා ඇත්තේ, මීට මාස කිහිපයකට ඉහතදී සෆ්රීන් නමැති අය ඔහු සේවය කළ ස්ථානයේ හාම්පුතා ඇතුළු පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී ඝාතනය කළාද යන්න පිළිබඳව සැක මතුවී ඇති බවයි.
මොහු මරණයට පත්වීමට මොහොතකට පෙර ශ්‍රී ලාංකික තරුණයෙක් සිය ජංගම දුරකථනයේ සෆ්රින්ට පහරදී ඇති අයුරු ඡායාරූප ගතකර, එම ස්ථානයෙන් පලාවිත් මේ පිළිබඳ එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට සියල්ල පවසා මෙරටට පැමිණි ඇත.
මැල්සිරිපුර - පවුනර් සාතික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

