පසුගිය වසරේ මාර්තු 31 සහ මැයි 9 වැනි දින ඇතිවූ සිදුවීමලට අදාළව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (CDS) සහ හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විශේෂිත විමර්ශන ඒකකයක් මගින් තවදුරටත් විමර්ශනය කළ යුතුය යන්න ත්‍රිවිධ හමුදාවේ සහ රාජ්‍ය බුද්ධි අංශවල මෙම කාලසීමාව තුළ සිදු වූ අතපසුවීම් පිළිබඳව සොයා බැලීමට පත් කළ විමර්ශනය (BOI) නිර්දේශ කර ඇත.
එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ආඥාපතිවරයා ලෙස ලබාදුන් නියෝග මෙන්ම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ලබාදුන් උපදෙස් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නියමිත පරිදි ක්ෂේත්‍ර අණදෙන නිලධාරීන් වෙත යෙමුකර නොමැති බව එම කමිටුව නිර්දේශ කර තිබේ.
අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක සහ ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මණ්ලය මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
ප්රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි උපදෙස් කිසිවක් නිකුත් කර නොතිබූ අතර, එය හිතාමතා රාජකාරිය පැහැර හැරීමක් බව එම කමිටුව සඳහන් කරයි.
මේ නිසා පොදු දේපළවලට සිදුවන හානිය හා පුද්ගලයන්ට සිදුවන හානිය වළක්වා ගැනීමට භූමියේ සිටි හමුදාවන්ට නොහැකි විය. මෙම වාර්තාව බ්‍රහස්පතින්දා අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 22 දෙනෙකු විසින් ගොනු කරන ලද රිට් පෙත්සමක් නිශ්ශංක බන්දුල කරුණාරත්න යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා මහතා මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය.
ආරක්ෂක ලේකම්වරයා භාර දුන් බුද්ධි වාර්තාව අනුව ක්‍රියා කළේ නම් මැයි 9 වැනිදා පස්වරුවේ ගාලු පාර සහ ගාලු මුවදොර ආශ්‍රිතව සිදු වූ ප්රචණ්ඩත්වය අවම කර ගත හැකිව තිබූ බවද විමර්ශන මණ්ඩලය නිගමනය කරතිබේ.
පොලිස්පතිවරයා තමන්ට තිබූ බුද්ධි වාර්තාව අනුව ක්‍රියා කර පොලිසිය යොදවා තිබුණත් වැරදි සන්නිවේදනය සහ දුර්වල තක්සේරුව හේතුවෙන්, එම තත්ත්වයට ඵලදායී ලෙස කටයුතු කිරීමට යොදවා තිබූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව වාර්තාවේ සඳහන් වේ.
විරෝධතාකරුවන් (අරලියගහ මන්දිරයේ සිට) ගාලු පාරේ සහ ගාලු මුවදොර විරෝධතා ස්ථානයට පැමිණීම වැළැක්වීමට අපොහොසත් වීම, ප්රචණ්ඩ ගැටුම් ඇති කිරීමට මෙන්ම රටපුරා ඇති වූ විනාශයට ප්‍රධාන හේතුව බව කමිටුව සඳහන් කර තිබේ.