මැයි 9 දා දිවයින පුරා සිදුවූ ප්රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධව මේ වන විට පුද්ගලයන් 3310ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
දේපළ හා ජීවිත හානි කිරීමේ සිදුවීම් 858ක් සම්බන්ධව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. මේ අතරින් පුද්ගලයන් 1182ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර 2128ක් ඇප මත නිදහස් කර තිබේ.