23 දා සිට ජුනි මස 01 දා තෙක් පස්වරු 6.00න් පසු විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
ඉදිරි දිනවලදී විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“23දා සිට ජුනි මස 01 දා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය තෙක් විදුලිය කප්පාදුවක් සිදුකරන්නේ නෑ. ඒ අනුව අද දිනයේදී හා ලබන ඉරිදා දිනයේදි විදුලිය කප්පාදුවක් සිදු කරන්නෙත් නෑ.”
එසේම බිඳ වැටීමට ලක්වූ නොරොච්චොල ජනන යන්ත්‍රය යළිත් ක්‍රියාත්මක බවත් එම යන්ත්‍රය හෙට දිනයේ සිට ජාතික පද්ධතියට එක්වීමෙන් පසු මෙගාවොට් 270ත් ජාතික පද්ධතියට එක්වන බවත් ඔහු පැවැසීය.