මෙම වර්ෂයේ මැයි මාසයේ දි බෙහෙත් සහ ඖෂධිය නිෂ්පාදන ආනයනය කිරිම සදහා වැයවි ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 67.4 දක්වා සියයට 33.8කින් වැඩිවි ඇති බැව් ශ්රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2025 වර්ෂයේ මැයි මාසයේ දි බෙහෙත් සහ ඖෂධිය නිෂ්පාදන ආනයනය කිරිම සදහා වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 50.4කා. ඒ අනුව මෙම වර්ෂයේ (2026) මැයි මාසයට සාපේක්ෂව බෙහෙත් සහ ඖෂධිය නිෂ්පාදන ආනයනය වියදම සියයට33.8කින් වැඩිවි ඇත.
මෙම වර්ෂයේ මුල්මාස පහ තුලදි බෙහෙත් සහ ඖෂධිය නිෂ්පාදන ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300.3 ක මුදලක් වැය වි ඇත. ඉකුත් වර්ෂයේ (2025) බෙහෙත් සහ ඖෂධිය නිෂ්පාදන ආනයනය කිරිම සදහා වැයවි ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 254.7කි.ඒ අනුව ඉකුත් වර්ෂයේ (2025) මුල්මාස පහට සාපේක්ෂව මෙම වර්ෂයේ (2025) මුල්මාස පහ තුලදි ඖෂධිය නිෂ්පාදන ආනයනය කිරිම සදහා වැය වි ඇති මුදල සියයට17.9කින් වැඩිවි ඇත.