මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනපති හමුවෙති
මැදපෙරදිග, චීන සහ ඉන්දීය තානාපතිවරු, මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙති.ජනාධිපතිවරයා සහ තානාපතිවරුන් අතර හමුව පසුගියදා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවිය.
ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික, සමාජීය හා දේශපාලන තත්ත්වය පිළිබඳ ජනාධිපතිවරයා තානාපතිවරුන් දැනුම්වත් කළේය.
පවතින තත්ත්වය විසඳා ගැනීමට එම රටවලට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිය හැකි සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා මේ වන විට එම රටවලින් දී ඇති සහාය පිළිබඳ සිය ප්‍රසාදය පළ කරනු ලැබීය.
මැදපෙරදිග රටවල් නියෝජනය කරමින් ඕමාන් තානාපති ජුමා හම්දාන් හසන් අල්-ෂෙහි, පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් හම්දල්ලා සෙයිඩ්, කුවේට් තානාපති කලාෆ් බූ ධහේර් කටාර් තානාපති ජසීම් ජබේර් අල්-සොරෝ, ඊජිප්තු තානාපති මැග්ඩ් මොස්ලේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලේඩ් නසර් අල්-අමේරි) ලිබියා තානාපති නසර් වයි.එම්. අල්ෆුර්ජානි, සවුදි අරාබි තානාපති අබ්දුලේලා ඒ.ඒ. ඔකෝබි) ඉරාක තානාපති මොහොමඩ් ඔබාඩ් ජෙබේර් අල්-මස්වාඩි) චීන තානාපති චි සෙන්හොන්ග් , දේශපාලන අංශයේ ප්‍රධානි ලුඕ චොන්ග් සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

