මැදපෙරදිග ශ්‍රමිකයින්ගේ ආරක්ෂාවට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන අවසන්
මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුධමය තත්ත්වය හමුවේ එම කලාපයේ සේවය කරන ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ රැකියාවල සුරක්ෂිතතාවය වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, තානාපති කාර්යාල කම්කරු සුභසාධන අංශ හා එක්ව වැඩපිළිවෙලක් මේ වන විටත් සකස් කර ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, මැදපෙරදිග අර්බුධකාරී තත්ත්වය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් කාර්යාංශය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමිනි.
“මැදපෙරදිග යුධ වාතාවරණය ආරම්භ වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට දරුණු තුවාල හෝ ජීවිත අනතුරක් මේ වන තෙක් වාර්තා වෙලා නෑ. ලාංකිකයින් රැකියා සඳහා විදේශ ගතවෙන්නේ විශාල කැපකිරීම් කරලා ලොකු මුදලක් වැය කරලා. ඒ නිසා යලි ලංකාවට ගෙන්වා ගන්නවා නම් ඒක දුරදිග කල්පනා කරලා බලලා ගන්න ඕනි තීරණයක්. අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා නම් ලංකාවට එන එක හොඳයි. අපි විශ්වාස කරනවා ශ්‍රි ලාංකිකයින් යළි ගෙන්වා ගන්නා තරමට මේ යුධ වාතාවරණය වැඩි නොවෙයි කියලා. අපි මේ තත්ත්වය පිළිබඳව තවදුරටත් හොයලා බලලා අවශ්‍යතාවය පරිදි කටයුතු කරන්න සූදානම්.
අපි විදේශ ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින ඥාතීන්ට දැනුම් දෙන්න කැමතියි අපි තව පොඩි කාලයකින් මේ තත්ත්වය සමනය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. නැවත ලංකාවට ගෙන්වා ගැනීම කියන්නේ දැවැන්ත වැඩපිළිවෙලක්. ජාත්‍යන්තර වශයෙන් එවැනි තත්ත්වයක් ඇති වුනොත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අමාත්‍යාංශය හා ශ්‍රි ලංකා රජය විදිහට අපි කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. මේ යුධමය තත්ත්වය යටතේ යම් ශ්‍රමිකයෙක් සේවා ස්ථානයෙන් විතැන් වෙලා තියෙනවා නම් අපි ඒ අයගේ තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. 1989 අංකයට කතා කරන්න.
අපගේ වට්ස්ඇප් අංකය 071 9802822 අංකයට කතාකරන්න. එහිදි අපි අදාළ පාර්ශව එක්ක සාකච්ඡා කරලා රැකියාව යළි ලබාදීමට හෝ යම් ගැටළුවක් තිබේනම් එය නිරාකරණය කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදිහට අපි මැදිහත්වීම් සිදුකරනවා.
තානාපති කාර්යාල කම්කරු සුභසාධන අංශ නිළධාරීන් පැය 24 ම සීරුවෙන් අදාළ තොරතුරු සම්බන්ධීකරණය කිරීම සිදුකරනවා. ශ්‍රමිකයින්ගේ ජීවිත රැකගැනීම අපගේ වගකීමක් විදිහට අපි සලකනවා. විදේශ රටවල දහදිය වගුරුවමින් රටට විදේශ විනිමය ගෙන එන ශ්‍රමිකයින්ට අපි හිස නමා ආචාර කරනවා. අපි මේ වන විට ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි සියළුම ක්‍රියාමාර්ග ගෙන අවසන්.” යනුවෙන් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

