පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇති බව පොලිසිය කියයි.
ඊයේ (05) සවස 05.00ට පමණ ඇය මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කොට ඇති අතර එම නිලධාරිනිය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිණියක ලෙස සේවය කරන්නියක් බව පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ ක්‍රිෂාන්ති කුමාරි දසනායක (33) නැමැති ගලගෙදර මිණිගමුව ප්‍රදේශයේ පදිංචි කාරණියකි. පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.