දැනට පවතින මැතිවරණ නීති සංශෝධනය කිරීම පිළිබඳව විවිධ පාර්ශවයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව මේ ගැන උනන්දුවක් දක්වන මහජනතාව,දේශපාලන පක්ෂ ,සංවිධාන සහ ඕනෑම පාර්ශවයකට එම අදහස් හා යෝජනා මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ කොමිෂන් සභාව වෙත තැපෑලෙන් හෝ එහි [email protected] යන විද්යුත් ලිපිනයට හෝ එවිය හැකි බව කොමිසම කියයි.
මේ එවන තොරතුරු රහස්ය ලෙස සලකා කටයුතු කරන බවද එම කොමිෂන් සභාව පවසයි.