මැතිවරණය කල් දැමිම එජාපයේ දේශපාලන න්‍යාය පත්රයේම තිබෙන කොටසක් - කෙහෙලිය
මැතිවරණයන්ට බයේ පළා යෑම එක්සත් ජාතික පක්ෂයේ ජානමය ප්‍රශ්නයක් බවත් එය ඉකුත් යහපාලන ආණ්ඩු සමයත් සමඟ තීව්ර වූ බව හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මහනුවර පිහිටි සිය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,
එක්සත් ජාතික පක්ෂය කැඩී යාමත් සමඟ බිදි යාම අනූව මේ වන විට එම පක්ෂය ජාන දෙකට බෙදී ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසම හා සෞඛ්‍ය අංශ නිර්දේශ කරන පළමු නිමේශයේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකදු අඩියක්වත් පසුපසට නොගෙන මැතිවරණයකට යාමට සූදානම් බවත් කොරෝනා නොව හෙම්බිරිස්සාවක්වත් නොමැති කාලයේ විපක්ෂය මැතිවරණ වලට බියේ පළා ගිය බවද හෙතෙම පෙන්වා දුන්නේය.
1982 දී ලාම්පු කලගෙඩි සෙල්ලම හරහා මැතිවරණ කල් දැමිමේ අඳුරු ඉතිහාසයක උරුමය තිබෙන එ.ජා.ප. යට අතිතයේ සිට එම ජාන පිහිටා ඇතැයිද ඔවුන්ගේ පාලනයන් තුළ න්‍යාය පත්‍රයේ පළමුවද, දෙවනුවද ,තෙවනුවද ඇත්තේ මැතිවරණ කල් දැමීම බවත් විපක්ෂයේ සිටියදී එලෙසම මැතිවරණ වලට බියේ පළා යාම න්‍යාය පත්‍රයේ පළමු ස්ථාන තුනට හිමිව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
වර්තමානයේ රතු අලි පැටවුන්ට අමතක වුවාට 83 විජේවීරගේ පක්ෂය තහනම් කල බවත් එදා දේශපාලනය කල වාසුදේවලා හිරේට ගත්තා මෙන්ම මැතිනියගේ ප්‍රජා අයිතිය පවා අහිමි කළ බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.
තමන්ගේ පක්ෂයෙන්ම ගෙන ආ පළාත් සභා අක්‍රිය කිරීම සදහා එම මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමූ බවද එමෙන්ම පළාත් පාලන මැතිවරණය වසර දෙක හමාරකින් කල් දැමූ බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.
මැතිවරණ එපා කියමින් උසාවි ගොස් අද ඔවුන් පිංසෙන්ඩු වන බවත් මැතිවරණ කල් දැමීමට ඔවුන් පාර්ලිමේන්තුවේ කිරීමට ගිය තක්කඩි වැඩේ අද බල රහිත වී ඇති බවත් හෙතෙම පැවසීය.
පිටරටවල සිටින අය ගෙන ඒම සිමා කරන විට රට විරුවන් හට එන්න දෙන්නේ නැතැයි කියු විපක්ෂය ඔවුන් ආ පසු ඇයි ගෙනාවේ යැයි පවසන බවත් ආණ්ඩුව අද මොන යහපත් දෙයක් කළද ඔවුන්ට ඕනෑ ලෙස එය විවේචනය කරන බවත් රඹුක්වැල්ල මහතා කිය.
මෙහොමඩ් ආසික්

popular news
-
Don Wednesday, 20 May 2020 03:07 PM
UNP understands Arithmetic, as the confirmed COVID cases on the 20th of April was 268. Now after 30 days exactly the number stands at 1027, with an average of 25 cases a day. Is it controlled? then why is the curfew. This man is always blaming others. This COVID is an imported one. imported because negligence. "Anisi biyak athikaraganna epa" who said it?
Reply : 1 16
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

