ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 24 වන බදාදා
පළාත් පාලන මැතිවරණය කල් දැමිමට අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයෙන් නාවලපිටිය නගර සභාවට තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා (අද 15) දින නාවලපිටිය බස් නැවතුම්පොලේ පැවති රැස්විමකදි සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් පැවසිය.
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්දය පැවැත්වෙන දින නියම කර තිබියදි එය කල් දැමිමට මැතිවරණ කොමිසම විසින් පියවර ගෙන ඇති බවත්, යලිත් නියමිත දිනටම තැපැල් ජන්දය පවත්වන බවට (15) දින උදැසන එම කොමිසම විසින් දැනුම් දි ඇති බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ.
ජනතාගේ සර්ව බල ජන්ද බලය නැති කිරිමට සමගි ජන බලවේගය ඉඩ ලබා නොදෙන බවත්, යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය කල් දැමිමට පියවර ගතහොත් එයට සම්බන්ධ රජයේ සියළුම නිලධාරින්ව තම රජයක් යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ.
පළාත් පාලන මැතිවරණයේදි නාවලපිටිය නගර සභාව අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවත්, නාවලපිටිය ප්‍රදේශයේ කාඩ්බොඩ් විරයන්ට බිය නොවන ලෙසයි සජිත් ප්‍රේමදාස මහතා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේ.
මෙම රැස්විමට ලක්ෂමන් කිරිඇල්ල , තිස්ස අත්තනායක , මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සුජිව සේරසිංහ මහතාද සහභාගි විය.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
විදුලි බල සේවකයෝ කැමැත්තෙන් ලිපි දෙති
ජනපතිගේ වත්කම් ප්‍රකාශයේ නැති තොරතුරු උදය කියයි
රාජ්‍ය සේවයට අලුතෙන් 70000ක්
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd