මැතිවරණය කල් දැම්මොත් කැරළි ගහනවා
ඇප මුදල් භාර නොගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා ඇති බවත් ඒම තීරණයට ඒරෙහිව අධිකරණයට යන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
ඒසේම මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන්නේ නම් වීදිවලට බැස කැරළි ගසන බවත් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු පවසයි.
“රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම දිස්ත්‍රික්ක ලේකම්වරුන්ට දන්වා තිබෙනවා ඇප මුදල් භාර ගන්න ඒපා කියලා. මේ නිලධාරියා කරලා තියෙන්නේ ව්යවසථාවට විරුද්ධ දෙයක්. අමාත්‍ය මණ්ඩලය ඒහෙම තීරණයක් අරගෙන තියෙනවානම් ඒහෙම තීරණයක් ගන්න අමාත්‍ය මණ්ඩලයට කිසිම අයිතියක් නෑ.
ඒ් නිසි අපි හෙට දවසේදී මේකට විරුද්ධව අධිකරණයට යනවා. අනාගතයේදී අප මොවුන්ට උපරිම ලෙස කටයුතු කරනවා. මේ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව මේ මැතිවරණය කල් දාන්න උත්සාහ කරනවා. ව්‍යවස්ථා කුමන්ත්‍රණ කරන්න හැදුවා. ඒළියේ විවිධ කුමන්ත්‍රණ කරන්න හදනවා.
අද පාරට වැටිලා ඉන්න ජනතාවට තමන්ගේ විරෝධතාව ප්‍රකාශ කරන්න තියෙන ඒකම දේ කතිරය. රාජපක්ෂලාගේ රැකවලා ව්‍යවස්ථාව උල්ලංගණය කරන්න කටයුතු කරනවානම් අපි අධිකරණයට යනවා. අපි ලබන 15 දා සාමකාමී විරෝධයක් තියෙනවා.
මැතිවරණය කල් දාන්න ලෑස්ති වුණොත් අපි වීදි බැහැලි කැරළි ගහනවා.”
popular news
-
Hubert Wednesday, 11 January 2023 02:00 AM
Ane palaayan Maarikkar
Reply : 0 0
Denis Wednesday, 11 January 2023 04:20 AM
Monaada me manussaya kiyanne. Karali gahanna me manthri gollanta pissuda aththatama. Rata thaath inasa karanna hadanne . Tourisum eka hadigena enakota karali gahala rata thaath nathi karanna hadanne Sajithge golayo tika nam niyamai. Mun ekekath nayakayaa ganan ganne naha. Apitath hari asai me kattiya me rata aragena karanne kohomada kiyala balanna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
