පළාත් පාලන මැතිවරණය ඉතා ඉක්මණින්ම පැවතිය යුතු බවත් කල් ඉකුත්වූ සභිකයින්ට තව දුරටත් බලයේ රැදී සිටීමට ඉඩදීම මැතිවරණය නොපවත්වනවාට වඩා බලවත් අකටයුත්තක් බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශපිය මහතා අද (19) අම්බලන්ගොඩදී කීවේය.
පළාත් පාලන මැතිරණය හැකි ඉක්මණින්ම පැවැත්වීම ඉතා වැදගත් බවත් දැනට සිටින පළත් පාලන නියෝජිතයින්ද බලයේ සිටිනුයේ කාලය ඉකුත්වී දිගුකිරීමකින් බවත් තව දුරටත් ඔවුන්ගේ කාලය දිගු කිරීම කෙසේවත් නොකළ යුතු කටයුත්තක් බවත් ද දේශපිය මහතා කීවේය.
පළාත් පාලන නියෝජිතයින්ගේ කාලය තව දුරටත් දීර්ඝ කිරීම ඡන්දය නොපවත්වනවාටත් වඩා බරපතල කාරණයක් බවත් දේශපිය මහතා කීය.
කාලය නිමාවූ පළාත් පාලන නියෝජිතයින්ට යළිත් බලය නොදි කොමසාරිස් පාලනයට පළාත් පාලන ආයතනවල පාලනය නතු කොට හැකි ඉක්මණින්ම ඒ ඡන්දය පැවැත්වීම කළයුතු ඉතා අතයාවශයම කාරණයක් බවද මෙහිදී මහින්ද දේශපිය මහතා කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත