මැතිවරණය සඳහා අයවැයෙන් මුදල් වෙන්කර ඇති හෙයින් එම මුදල් නිදහස් කරන ලෙස ඉල්ලමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් ඒකාබද්ධව ලිපියක් නිකුත් කර තිබේ.
විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය මුදල් පාලනය පිළිබඳ බලතල හිමි පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැය ලේඛනය මගින් වෙන් කරන ලද අරමුදල් සැපයීමට කටයුතු නොකිරීම පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද අභියෝගයට ලක්කිරීමක් මෙන්ම පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක් ද සිදුවන බව එම සංවිධාන සිය ලිපිය මගින් පෙන්වා දෙයි.

