මැණික් ව්‍යාපාරිකයෙකු බස් රථයකදී අමතකව දමා ගිය රුපියල් 2,500,000/= වටිනා මැණික් සහිත පාර්සලයක් සොරා ගත් පෞද්ගලික බස් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මැණික් ගල් 13ක් අඩංගු පාර්සල් දෙකක් කුඩා බෑගයක දමාගෙන බස් රථයකින් අවිස්සාවේල්ල නගරය කරා පැමිණ ඇති අතර එම කුඩා බෑගය බස් රථය තුළ අමතකව දමා ගොස් තිබූ බව පොලිසිය කියයි
මේ සම්බන්ධයෙන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව බස් රථය ගාල්කර තිබූ අවිස්සාවේල්ල මා දොළ ප්‍රදේශයේ ස්ථානයට ගොස් රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු සන්තකයේ තිබී සොරා ගත් මැණික් ගල් සහිත පාර්සලය සොයා ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන ලක්ෂ කන්ද එරත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.