මැටරඹ කපුවාට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ
“ළමා අපයෝජනයට එරෙහි වෙමු” යනුවෙන් අද (23දා) ගාල්ල උසාවි සංකීර්ණය ඉදිරිපිට සිවිල් සංවිධාන සහ මහජන ක්රියාකාරිකයන් පිරිසක් නිහඬ උද්ඝෝෂණයක නිරත වූහ.
ගාල්ලේ මැටරඹ සතර මහා දේවාලය නම් ස්ථානයක් පවත්වාගෙන යමින් පාසල් වියේ පසුවන පිරිමි ළමයි විශාල පිරිසක් අපයෝජනයට ලක්කිරීමේ චෝදනා ලැබ සිටින කීර්ති කුමාර බටගොඩ නම් සැකකරු අද (23දා) ගාල්ල අධිකරණයටඉදිරිපත් කිරීමට ගෙන එන අවස්ථාවේ දී මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
මේ උද්ඝෝෂණයට සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළුවිශාල පිරිසක් සහභාගී වී සිටියහ.
ඔවුන් ඉල්ලා සිටින්නේ චෝදනා එල්ල වී ඇති කපුවා ආරක්ෂා කිරීම පසෙක තබා පොලිසිය අපයෝජනයට ලක්වූ දරුවන් ආරක්ෂා කළ යුතු බවයි. එමෙන් ම ළමා අපයෝජකයන් ආරක්ෂා කරන බලධාරීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.
උද්ඝෝෂකයන් වැඩිදුරටත් සඳහන්කර සිටියේ ඉහළ පොලිස් නිලධාරීන් පවා මෙම සැකකරු ආරක්ෂා කිරීමට කටයතු කර ඇති බවයි. ගාල්ලේ පමණක් නොව ශ්රී ලංකාව පුරාම ළමයින් අපයෝජනයට පත්කරන, ස්ත්රීන් අපයෝජනයට හා හිංසාවට පත්කරන පුද්ගලයන් වෙනුවෙන් ඉහළ පොලිස් නිලධාරීන් පෙනී සිටින අවස්ථා නිතරම වාර්තා වන බැවින් එවැනි ක්රියාවන්ට එරෙහිව නැගී සිටිය යුතු බවද ඔවුහු එහිදී සඳහන් කළහ.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට


popular news
-
namal r Tuesday, 23 August 2022 09:19 AM
me minisun diha baluvama daridra thavaya kiyana eka penenava sathutak naha puyara tikak suvanda vilavun tikak rupalavanaya vage deval labilama naha ala bathala pamanak anubava karala vage penenava
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

