මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුකොටගෙන මත්ස්‍ය මිළ ඉහලයාම නිසා පාරිභෝගික ජනතාවට සහනයක් සළසාදීම උදෙසා ධීවර සංස්ථාව මගින් මත්ස්‍ය බජට් පැක් එකක් හදුන්වාදෙනු ලැබිණි.
පළමු බඡට් පැක් එක අද (10දා) බම්බලපිටිය මත්ස්‍ය අලෙවි සැලේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට ලබාදීම සිදු විය.
මෙම බඡට් පැකට්ටුව සදහා කෙළවල්ලා,තලපත්,ඉස්සා,සාලයා,උම්බලකඩ ඇතුලු මත්ස්‍ය වර්ග 5ක් ග්‍රෑම් 350 බැගින් ඇතුලත්ව ඇති අතර එහි මිළ රු.1350ක් වේ.
මෙම මත්ස්‍ය බඡට් පැකට්ටුව ඒ ඒ දිනවල පවතින මිළගණන් අනුව සුළු මිළ වෙනස්වීමක් සිදු විය හැකි වුවද මත්ස්‍ය මිළ අඩු වු වහාම එහි මිළ ගණන් අඩු කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ අවස්ථාවට එක්වෙමින් ප්‍රකාශකර සිටියේය.
කෙසේ වෙතත් තලපත්,කෙළවල්ලා,ඇතුලු තවත් මත්ස්‍ය වර්ග තුනකින් සමන්විත වන අතර එය අද (10දා) සිට ලංකාවපුරා පිහිටුවා ඇති ලංකා ධීවර සංස්ථාවේ අලෙවි කුටි වලින් ලබාගැනීමට හැකියාව පවතින අතර සංස්ථාව මගින් විදේශ රටවලට අපනයනය කරන මත්ස්‍ය පැකට්ටුවක්ද මෙහිදි හදුන්වාදුන් අතර එයද ලංකාවේ වෙළදසැල් වලින් ලබාගැනීමට අවස්ථාව ඇත.
මෙම බඡට් පැක් හදුන්වාදීම මගින් ලංකාවේ මත්ස්‍ය පරිභෝජක ජනතාවට විශාල සහනයක් සිදුවන බවඅමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය,ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂක චතුරංග උඩවත්ත මහතා ද සහභාගි වූහ.
